තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්රදේශයේ පදිංචි ව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබේ.
නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිත ව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.