ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නල්ලතන්නිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියදුරෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, වෙළෙඳසැල් හිමියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත අදාළ පුද්ගලයාව පරීක්ෂා කර තිබේ.
එහිදි ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 11ක් සහ ව්‍යාජ රුපියල් පන්සියයේ නෝට්ටුවක් සොයාගෙන තිබේ.
සැකකරු පොලීසියට පවසා ඇත්තේ, තමාට වෑන් රථයේ ගමන් ගත් පිරිස මෙම මුදල් ලබාදුන් බවත් ව්‍යාජ මුදල් නෝට්ටු බව නොදැන එය ලබාගත් බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.