කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටී 39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලා යද්දී, ඒ අවට සිටී පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත.
අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර , එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.