නායයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඇල්ල කිනලන් වත්තේ වතු නිවාස පේළියක පදිංචිව සිටි පවුල් දහයක පුද්ගලයින් විසි අට දෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වාහම ඉවත් කළ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.
මෙම නිවාස පේළිය අසලින් නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් මහතා පැවසීය.
ඉවත් කළ පවුල්වල සාමාජිකයින් ඇල්ල කිනලන් වත්තේ දෙමළ විදුහලේ තාවකාලිකව කඳවුරක රඳවා ඇති බවද ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.