මිතුරෙකු සමග නීතිවිරෝධී මත්පැන් පානය කළ එක්දරු පියෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හල්තොට තුත්තිරිපිටිය පදිංචිව සිටි ත්රිරෝද රථ රියදුරෙකු වූ ඉෂාන් පුෂ්පකුමාර නැමැති 45 හැවිරිදි එක්දරු පියෙකි.
මියගිය ත්රිරෝද රථ රියදුරු බණ්ඩාරගම බද්දේගොඩ ප්රදේශයේ, නිවසක් ඉදිකරන අතර එම නිවස ආසන්නයේ ඉදිකර තිබෙන කුඩා මඩුවක ලෑලි තට්ටුවක් මත ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.
ඔහුගේ බිරිඳ අද (08) අලුයම ඇමතුමක් ලබා ගත්තද ඊට ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වාසී තරුණයෙකුට ඔහු පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දී තිබේ.
පසුව එම තරුණයා වාඩියට පැමිණ සිදුකළ සොයා බැලීමෙන් අනතුරුව මියගිය අය කිසිදු ප්රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් බිරිඳට ඒ පිළිබඳ දැනුම්දී පසුව පොලීසියට පැමිණිලි කර ඇත.
පොලීසිය පැමිණ සිදුකළ පරික්ෂාවේදී මළ සිරුර ආසන්නයේ මිලිලීටර් 500ක නීතිවිරෝධී මත්පැන් බෝතලයක් තිබී සොයාගෙන තිබේ.
ඔහු සමග එකට මත්පැන් පානය කළ බවට කියන මිතුරාගෙන් ප්රකාශ ලබා ගත් බව පොලීසිය පැවසීය.
පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර, මහෙස්ත්රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර, පෑලියගොඩ පොලිස් වසමේ, පට්ටිය හන්දිය ප්රදේශයේ සිදුවු පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ එම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයාට මොට ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි විමර්ශනයේ දී අනාවරණය වූ අතර සැකකරු හඳුනාගෙන තිබේ.