හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්රදේශයේ වෙඩිතැබීමක් සිදුකර ඇත.
පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්රියේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවූ බවද පොලීසිය පවසයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්රහාර කිහිපයක් වැදී ඇත.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවිය ද සමග හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.