කොස්ලන්ද වෙලන්විට අක්කර සීය ප්රදේශයේ නිවසක ගෙවත්තක තිබූ වයෝවෘද්ධ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් ඊයේ (1) පස්වරුවේ සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
නිවස අසල ගෙවත්තක තිබූ වයෝවෘද්ධ කාන්තාවගේ මළසිරුර හමුවී ඇති අතර නිවසට විදුලිය සපයන විදුලි වයරයේ කැඩී ගිය වයර් කොටස් දෙකක් ඇය අතින් අල්ලාගෙන මියගොස් සිටි බවත් එම මළසිරුර බෙහෙවින්ම නරක්වී දුගඳ හමමින් තිබිණැයි පොලිසිය කීය .
අනෙක් වයෝවෘද්ධ පුද්ගලයා ගේ මළසිරුර නිවසට පිවිසෙන මාර්ගය අසල තිබියදී හමුවි ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ලන්ද වෙලන්විට අක්කර සීය පදිංචිව සිටි ආර් .ඩ්.විමලාවතී (63) සහ උඩනිලමේගෙදර ගුණදාස (70) යන දෙදෙනා බවද පොලිසිය පවසයි .
මෙම වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණක් නිවසේ සිට ඇති බවත් , වැල්ලවාය ප්රදේශයේ පදිංචිව සිටින දියණියක ඊයේ (1) නව වසරේ මවුපියන් බැලීමට පැමිණ විටදි සිය මවගේ සහ පියාගේ මළසිරුරු දෙක දැක ලබා දුන් තොරතුරක් අනුව මෙම මළසිරුරු සොයාගත් බවද පොලිසිය සදහන් කළේය .
දැනට මළසිරුරු දෙක එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙන බවත් පොලිසිය කීය .