ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් ඊයේ 22 (22) පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
මොවුන් අතර තරුණ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.