පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී නීතිවීරෝධී ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර ඇතුළු ලේඛන මහා පරිමාණයෙන් මුද්‍රණය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
ඔවුන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් සතුව තිබි ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 03ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 08ක්, විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 24ක්, නිල මුද්‍රා ඇතුළු ලිපිලේඛන රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
අවුරුදු 22ත් 23ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.