හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පුද්ගලයා සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදි සැකපිට ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.
සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව ඝාතනය කර පිංකැටය තුළ තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි.
එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර හැටන් පොලීසිය ඔහු සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි අනෙක් පොලිස් ස්ථානද දැනුවත් කළේය.
සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු , කල්මුණේ, සමන්තුරේ පොලිස් ස්ථානවලට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් වාර්තා විය.
එසේම ඔහු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටියදී බන්ධනාගාරයෙන් පළාගිය පුද්ගලයෙක් බවට දැනට කරන ලද මුලික විමර්ෂණවලදි අනාවරණය වී තිබේ.