දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඊයේ 19 පැවැසුවාය.
මීට මාස 2 කට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එක්වීමට ශ්‍රී ලංකා පොලිසිය හැකි වූ බවත් එමගින් අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය කීවාය.
අන්තර්ජාල සේවා සපයන ආයතන මෙම අන්තර්ජාතික දත්ත පද්ධතිය හා සම්බන්ධවී එම තොරතුරු හුවමාරු කරගන්නා අතර මෙමගින් ඉතා පහසුවෙන් එවැනි පුද්ගලයන් හදුනාගැනීමට හැකියාව ඇති බවද ජයසුන්දර මහත්මිය පැවැසුවාය.
2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බවත් 2022 වසරේ නව මාධ්‍ය ඔස්සේ දරුවන් 146,000 ක් අපයෝජනයට ලක්වී ඇති බවත් රේණුකා ජයසුන්දර මහත්මිය පැවැසුවාය.