කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා මහමග ගමන් ගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි
එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත
තීරෝද රථයකින් රාත්රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩ පාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක එම ස්ථානයට තීරෝද රථයෙන් ළඟා වීමත් සමගම එහි සිටි පුද්ගලයන් තිදෙනෙක් පලා යන්නට වූ බව පොලිසිය කියයි
වහා ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹා ගොස් දෙදෙනෙක් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත