එතෙර ගුවන්තොටුපළවල් නවයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
බැංකොක් ,බීජිං,ඩුබායි ,හයිද්‍රාබාද් ,කරච්චි, මාලේ ,රියාද්,ක්වාලාලම්පූර් හා ජගර්තා ගුවන් තොටුපළවල ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ලබන වසරේ මුල් කාර්තුවේ දී අවසන් වීමට නියමිත බව රජය පවසයි.
එකී ගුවන් තොටුපළ වලදී ඉන්ධන සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇතැයි රජය පවසයි.
ගුවන් යානා ඉන්ධන සැපයුම් සමාගම් එකොළහක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර කරච්චි ගුවන්තොටුපොළ සඳහා එක් ලංසුවක් ද ඉතිරි ගුවන් තොටුපොළ 8 සඳහා ලංසු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව රජය කියයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසු කරුවන් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.