නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (11) අලුයම ඩුබායි සිට පැමිණි මගියෙකු සතු ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේ දී අදාළ දුම්වැටි තොගය සොයාගත් බව ගුවන්තොටුපොළ පොලීසිය පැවසුවේය.
එහිදී අදාළ ගමන් මල්ල තුළ තිබී දුම්වැටි 22,800ක් අඩංගු කාටුන් 144ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු ගම්පොළ, පුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මීගමුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.