කොළඹ බදුල්ල මාර්ගයේ නාය ගිය උඩුවර පහේ කණුව ස්ථානයෙන් ඊයේ (10) පස්වරු හයෙන් පසු නැවත දැනුම් දින තුරු බර වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
විකල්ප මාර්ගය ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය හරහා හාලිඇළට ගොස් ඒ ඔස්සේ බදුල්ල දක්වා ගමන් කිරීමට නම් කර ඇති බවද ඒ මග ඔස්සේ කිලෝමීටර් තුනක් අමතරව ගමන් කිරීමට සිදුවන බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.
සැහැල්ලු වහන ධාවනය එක් මන් තීරුවකට සීමා වී තිබේ.
යම් හෙයකින් උඩුවර නාය ගිය තැනින් මාර්ග තලයට දරාගත නොහැකි බරකින් යුත් වහන ධාවනය වුවහොත් මාර්ගයටත් රථ වාහනවලටත් අවදානමත් ඇතිවිය හැකි බව ආපදා අංශ නිරීක්ෂණය කර තිබේ.
සැහැල්ලු වාහන සඳහා ගමන් කිරීමේ දී තනි පෙළට ගමන් කළ යුතු බවද පොලිසිය මැදිහත්ව වහන හැසිරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හාලිඇල පොලිසිය පැවසීය.