මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..
වසර කිහිපයක් පුරා සිඳී තිබූ වික්ටෝරියා ජලාශය මේ වන විට උපරිමය දක්වා පිරි ඇති අතර ජල විදුලිය නිපදවීම සඳහා මෙම ජලය උපරිමයෙන් භාවිතා කිරිම මේ දිනවල සිදු වෙයි.