කැළණිය වාසල දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ දක්ෂ මැරතන් ක්‍රීඩකයකු ඝාතනය කර ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි මැරතන් ධාවකයකු වු රණසිංහ සරත් නැමති 59 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රදේශයේම දෙපාර්ශවයක් අතර කලක පටන් පැවැති කෝන්තරයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව සිටියදී කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරු පවසති.