ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම ඊයේ (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය.
කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ ඊයේ (27) පස්වරු 2.00 ට පමණ පැමිණි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔහු නැවත එම ඒකකය වෙත කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් එම ඒකකයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
දින දෙකකදී ඒ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය පිළිබඳ අධ්‍යයනය කර නැවත ඔහු කැදවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව මෙම නැවත කැඳවීම කළේය.
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ මහතාගේ අධීක්ෂණයෙන් මෙම ප්‍රකාශය ලබා ගැනීම ක්‍රියාත්මක විය.