පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 24 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම ගිය අතර ඒ අනුව ඔහුට ලබා දී තිබූ දින 21ක තුන්වන සේවා දිගුව ද මේ වනවිට අවසන් වී ඇත.
කෙසේ වෙතත් නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා ඊයේ හවස වනතුරුත් කිසි ම නිලධාරියකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී නැත.
පොලිස්පති වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 26 වන දා විශ්‍රාම යාමට නියමිතව සිටි අතර ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.
එම සේවා දිගුව පසුගිය ජූනි 26 වන දා අවසන් වූ අතර ඉන්පසුව තවත් මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ඔහුට යළි ලබා දෙන ලදී.
ඔක්තෝබර් මස 13 වන දා එම සේවා දිගුවද අවසන් වූ අතර ඉන් අනතුරුව ඔහුගේ සේවා දිගුව දින 21කට දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ලදී.
එම තෙවන සේවා දිගුව ද සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වුණු අතර එහිදී පොලිස්පතිවරයාට ලැබුණු සේවා දිගුව ප්‍රතික්ෂේප වුව ද ජනාධිපතිවරයා විසින් පසුගිය මස 18 වන දා සිට සති තුනක සේවා දිගුවක් පොලිස්පතිවරයා වෙත දෙනු ලැබ තිබිණි.
නොවැම්බර් මස 3 වන දා සිට බලපැවැත්වෙන පරිදි ලැබුණු එම සේවා දිගුව ද ඉකුත් 24 දායින් අවසන් විය.
කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (නොවැ. 27) ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවකි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් මෙම ධුරයට පිළිවෙළින් නිර්දේශ වී තිබේ.