මාලදිවයිනේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.
මාලේ නුවර සිට අද (18) උදෑසන 09යි 30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි තිබේ.
මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 වැනිදා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
මාලදිවයින් නව ජනාධිපතිවරයා ගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ මාලේ අගනුවර දී පැවැත්විණි.