ඊයේ (08) සවස් කාලයේ කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත උතුර ප්රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මෙරට නිෂ්පාදිත ගිනි අවියකට වෙඩි බෙහෙත් කොටමින් සිටිය දී එය පුපුරා ගොස් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 59ක ඇස්වත්ත උතුර, පුවක්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු නිවසේ තනි ව ජීවත් වූ පුද්ගලයකු වන අතර, මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය මඟින් සිදු කරයි.