පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් කැපුම් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (31) උදෑසන කඩවත පොලිස් වසමේ ඉහළ කරගහමුණ ප්රදේශයේ දී ත්රීරෝද රථ දෙකකින් සහ කුඩා ලොරි රථයකින් අදාළ මැර පිරිස පැමිණ ඇති බවය.
පසුව නිවසේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනාට තියුණු ආයුධවලින් සහ පොලුවලින් පහරදී ඇති අතර, මේ සම්බන්ධයෙන් කඩවත පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
තුවාලකරුවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 25ක සහ 29ක සහෝදරයන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙකු කඩවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.