ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
ඇෆ්ගනිස්තාන් පිල ලකුණු 242 ක ඉලක්කය ඕවර 45.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ඇෆ්ගනිස්තානය මෙම ජයග්‍රහණයත් සමග තරග හයකින් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය.
ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් තරග 4 ක් පරාජයට පත්ව සිටින අතර මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා පහතට වැටුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දෙකේදීම 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලිවලදී ඇෆ්ගනිස්ථානය පරාජය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 241 (පැතුම් නිස්සංක 46, කුසල් මෙන්ඩිස් 39, සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක 22, ඇන්ජලෝ මැතිව්ස් 23, මහීෂ් තීක්ෂණ 29, මුජූබ් උර් රහමන් 38/2, ෆෂාල්හක් ෆාරුක් 34/4) ඇෆ්ගනිස්තානය ඕවර 45.2 කදී කඩුලු 7 ට 242 (ඊබ්‍රහිම් ශද්‍රාන් 39, රහමට් ෂා 62, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 58 අෂ්මටුල්ලා ඔමර්ෂායි නොදැවී 73, ඩිල්ෂාන් මධුසංඛ 48/2)