වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවන බවට හඳුනාගත් කොළඹ නගරයේ ස්ථාන විස්සේ ඇති ගැටලු විසදීමට මේ වන විට කටයුතු යොදා ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසනවා.
ඒ අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ සදහා අරම්භ කර ඇති බවයි හිරු ප්රවෘත්ති අංශ කළ විමසීමකදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා පවත්වා ඇති අතර, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමග ද සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර පිටකොටුව දෙවන හරස් වීථියේ රෙදිපිලි වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නට මැදි වූ පුද්ගලයින් මුදාගැනීම සම්බන්ධයෙන් ගිනි නිවීම් අංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයට ඇගයීමක් සිදු කරන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළා.
පසුගිය 27 වනදා පෙරවරුවේ හට ගත් මෙම ගින්නෙන් හේතුවෙන් තුවාල ලැබූ 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් 6 දෙනෙකු තවමත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.