මඩකලපුව දිස්ත්රික්කයේ තිබු එකම සිංහල සුසාන භූමිය වන ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් පිරිසක් ඩෝසර් කර විනාශ කර ඇතැයි මඩකලපුව ශ්රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
තම මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් රැසක් විනාශ කර ඇති බව ද නාහිමියෝ සඳහන් කළහ.
1916 වසරේ සිට භූමිදානය කර ඇති බවත්, මේ පිළිබඳව තමන් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමා ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.ෙ
අප මේ පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලිසියෙන් දුරකථන කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.