වලංගු වීසා බලපත්රයක් නොමැතිව ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) සහ අද (25) ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කළේය.
ඊශ්රායල ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්රී ලාංකිකයන් සදහා වීසා බලපත්ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ගේ වීසා බලපත්ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.
එම ඉල්ලීමට ඊශ්රායල ආගමන විගමන අංශයේ අධ්යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා එකඟ වූ බවත් වලංගු වීසා බලපත්රයක් නොමැතිව ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කළේය.එසේම විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්රායලයේ රැඳී සිටින ශ්රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්යක්ෂක ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා පැවසුවේය.
ඒ හේතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවත් ඊයේ (24) දින විශාල පිරිසක් එයට සහභාගී වූ බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.