සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 50 ක බද්ද හා පරිප්පු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 10 බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා මේවනවිට රජයට රුපියල් කෝටි දසදහසක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
2020 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි හා පරිප්පු ආනයන බදු ශත 25 දක්වා අඩු කරනු ලැබීය.
එදින සිට මේ දක්වා ශත 25 බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන්.ලක්ෂ 18 ක් හා පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් ද ආනයනය කර ඇතැයි ආනයනයකරුවෝ පවසති.