කල්පිටිය පොලිස් වසමේ, ආසිරිගම දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වූ කන්දකුලිය,කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා ආසිරිගම කතෝලික දේවස්ථානයේ මංගල්‍ය සඳහා සහභාගී වීමට ගොස් සිට බිරිඳගේ සහෝදරයෙකුගේ නිවසට රාත්‍රි ආහාර ගැනීම සඳහා පැමිණ තිබේ.
එහිදී බිරිඳගේ තවත් සහෝදරයෙකු එම ස්ථානයට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එය සමථයකට පත්කිරීමට උත්සාහ කිරීමේ දී එම සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවත් මුලික විමර්ශනයේ දී අනාවරණය වුණි.
වයස අවුරුදු 28ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.