ජාත්‍යන්තර මටිටමින් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයට රුපියල් කෝටි 75 ඇස්තමෙින්තු මුදලක් වැයකරමින් බිංගිරිය මහජන ක්‍රීඩා භූමියේ ඉඳිකෙරෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය දැනට වසර පහක පමණ කාලයක සිට කැලෑවට යට වෙමින් පවතී.
මෙම ක්‍රීඩාගාරය විශාල පිහිනුමි තටාකයකින් සමන්විත වන අතර කාමර විශාල ප්‍රමාණයකින් යුක්ත නේවාසිකාගාරයක්, විවෙිකාගාරයක් ක්‍රීඩා නැරඹුමිගාර සංකී්රණයක් ඇතුලු පහසුකමි රැසකින් යුක්ත වේ.
2017 වසරේ යහපාලන රජය පැවැති කාලයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් රජයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මුල්ගල් තබා මෙහි ඉඳිකිරීමි කටයුතු ආරමිභ කළේය.
පිහිනුමි තටාකයේ වැඩ අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත්තේ බිමට ටයිල් කැට ඇල්ලීම පමණි. පිහිනුමි තටාකයට පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අටකි.
බිංගිරිය මහජන ක්‍රීඩාංගනයේ මුල්ගල් තබා වැඩ ආරමිබ කරන ලද ක්‍රීඩාගාරයේ ඉඳිකිරීමි කටයුතු වසර හතරක පමණ කාලයක සිට නතර වී තිබිම නිසා ගොඩනැගිලි සංකී්රණය කැලෑවට යටවෙමින් අභාවයට ගොස් ඇත.