ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙත අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ තිබේ.
ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත චෝදනා එල්ලවී ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කර ඇති බවටය.
සිද්ධියට වගකිවයුතු නිලධාරීන් නොවැම්බර් මස 16 දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පසුගියදා රහස් පොලීසියට නියම කළාය.