ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදු කළ පුද්ගලයකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු වෙන්නප්පුව, මිනුවන්ගොඩ, වත්තල සහ මහබාගේ යන ප්‍රදේශවල ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සතු ව තිබී සොරකම් කරන ලද යතුරුපැදියක්, රන් ආභරණ, ජංගම දුරකථන, විදේශීය මුදල් නොට්ටු ඇතුළු වටිනා ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරු 33 හැවිරිදි පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.