මාතරට බලපා ඇති ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති.
මෙම කිඹුල් උවදුර හේතුවෙන් බොහෝ පිරිස් සහන සේවා කටයුතුවල නිරත වීමට ද දැඩි මැලිකමක් දක්වති.
එම නිසා ඇතැම් ස්වෙච්ඡා සංවිධාන හා පරිත්‍යාගශීලීන් ආපදා ප්‍රදේශවලට නොයා තම ආධාර තොග විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ වෙත භාර දෙන අයුරු දැක ගත හැකි විය.
විශේෂයෙන්ම මාතර නගරයේ කාණුවල මෙන්ම ඇල වේලී,කුඹුරුවලද පසුගිය දින කිහිපයේ කිඹුලන් රැසක් සිටින අයුරු දැක ගත හැකි විය.
මාතර කොටුව නිල්වලා ගං මෝය කටින් මුහුදට ගසා ගෙන ගිය කිඹුල් පැටවුන් කිහිප දෙනෙකු ද හමු විය.
උද්ගතව ඇති කිඹුල් උවදුර සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ රැස්වීමේ දී ද අවධානයට ලක් වී තිබුණි.