ඇහැලියගොඩ පොලිස් වසමේ කැන්දගමුව ප්‍රදේශයේ දී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබේ.
ඊයේ (07) උදෑසන කාලයේ දී මෙම ඝාතන සිදු ව ඇති බව පොලීසිය පවසයි.
එසේ මිය ගොස් ඇත්තේ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගයකු හා 57 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් සහෝදර සහෝදරියන් බව පොලීසිය පවසයි.
මරණකරු ගේ පුතා විසින් ආරවුලක් හේතුවෙන් අතින් පයින් පහර දී මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතන සිදු කර ඇත.
සැකකරු යම් මානසික රෝගයකින් පෙළෙන බවට දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 30ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇහැලිගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව බන්ධනාගාරය මඟින් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මේ අතර, තඹුත්තේගම පොලිස් වසමේ නවසිරිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඊයේ සවස් කාලයේ දී එම ඝාතනය සිදු කර ඇති අතර, අතර එසේ මියගොස් ඇත්තේ, නවසිරිගම, ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මරණකාරිය ගේ සැමියා වසර 15කට පමණ පෙර මියගොස් ඇති අතර, ඉන්පසු ඇය සැකකරු සමඟ එකට ජීවත් වී ඇති බව වාර්තා වේ.
මරණකාරිය නිවසේ ඉදිරිපස දොර අසල සිටින ඇවස්ථාවේ සැකකරු නිවස නිවසට පැමිණ ඉනෙහි සඟවා තිබූ පිහියක් ගෙන ඇය ගේ පපු ප්‍රදේශයට පහර දී ඇත.
තුවාලකාරිය 05 කණුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර, 64 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.
මේ අතර, තරණමල්විල නගරයේ පැරණි සුරාසල පිහිටි ගොඩනැඟිල්ල පිටුපස පහරදීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ, ගාමිණීපුර, තණමල්විල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු තවත් තිදෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් හේතුවෙන් මරණකරු විසින් එම ස්ථානයේ සිටි අයකුට බෝතලයකින් පහරදීමක් සිදු කර ඇත.
ඇනතුරු ව සැකකරු එම ස්ථානයේ තිබූ තවත් වීදුරු බෝතලයක් ගෙන මරණකරු ගේ හිසට පහර දී මෙම ඝාතනය සිදු කර තිබේ.
අපරාධය සම්බන්යෙන් තණමල්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.