ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරයි.
මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.
ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙන අතර එය 2030 වන විට 15 % ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවෙි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “DIGIECON 2030” වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.
ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මගින් හැකි වන බවත්, ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.