කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව උසස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අස්ථානගත වූ බව කියන ගිනි අවිය යම් නිලධාරියකු පිටතට රැගෙන ගිය බවට අදාල පොත්පත්වල ද කිසිදු සටහනක් හෝ නොමැති බවත් මෙතෙක් සිදුකළ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.