ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පවසයි.
ග්‍රාමීය මට්ටමින් සාමය හා සංහිඳියාව ඇති කරලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.
ග්‍රාමීය මට්ටමේ සංහිඳියා කමිටු 14,022 ක 350,000 ට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් සහිතව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන ජංගම දුරකථන යෙදවුමක් මගින් බලගන්වා තිබේ.
ජාතික සමගියට බාධා වන මුල් අවස්ථාවේදීම එය හඳුනාගැනීමටත්, ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, බිම් මට්ටමේ සිට රාජ්‍ය පාලන තන්ත්රය දක්වා පුළුල් ලෙස සැලසුම් සහිතව සම්බන්ධ කරමින් ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවා ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.