මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
ඛේදවාචකයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ඒ අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බව වාර්තා වේ.
බරපතළ තුවාල සිදු ව ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල පුද්ගලයන්ටය.
මොරොක්කෝ ඛේදවාචකය හේතුවෙන් එරට හය වැනි මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශ කර ඇත.
දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර සඳහ රජය කඩිනමින් මැදිහත් වන අතර, බොහෝ පුද්ගලයෝ එළිමහනේ සිය දෙවැනි රාත්‍රිය ගතකිරීම සඳහා සූදානම් වෙති.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙස වාර්තා වූ අතර, ඉන් මරකේෂ් ඇතුළු නගර ගණනාවකට බලපෑවේය.
ඇතැම් කඳුකර ප්‍රදේශවල සම්පූර්ණ ගම්මානයම සමතලා වී ඇති බව ද වාර්තා වේ.
සංචාරකයන් අතර ජනප්‍රිය, ලෝක උරුම නගරයක් වන මරකේෂ් සිට කිලෝමීටර් 71ක් ඔබ්බෙන් පිහිටි ඇට්ලස් කඳුකරයේ භූකම්පනය සිදු ව තිබිණි.