චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවේ 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පවත්වා එම කාර්යාලයවෙත සංදේශයක් බාරදී ඇති බවට වාර්තාවේ.
මෙහිදි විරෝධතාකරුවන් පවසා ඇත්තේ මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් ලංකාව තුළ නැවතත් ජාති, ආගම් පදනම් කොටගත් විරසකයක් ඇති වීම හා ජාතීන් අතර අවිශ්වාසය ඇති වී ජාතීන් අතර අසමගිය වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් එමෙන්ම මෙම පුවත හරහා ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වීමට එරෙහිව හා චැනල් 4 නාළිකාවේ ඒකපාර්ශවීය ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.