හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට ලැබෙන ප්‍රදේශවාසීන් පවසයි.
ඔවුන් පැවසුවේ ඒවා ස්පර්ශ වීමෙන් කැසීම්, සහ වමනය ඇති වන බවය.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (03) පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.