මහඔය, දඹදෙණිය ප්රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් හමු ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ තේක්කවත්ත, මහඔය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (02) උදෑසන කාලයේ දී මෙම ඉඩමේ පුද්ගලයකු වැටී මියයගොස් ඇති බවට මහඔය පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.
මරණකරු වැටී මියගොස් සිටි ඉඩමේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් ද පවත්වා අති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෘත ශරීරය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය සිදුකර මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.