සමස්ත COVID 19 ආසාදිතයින් ගණන 1068 ක්

0
50

ඊයේ (22) රාත්‍රී 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.

තවත් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසක්.

ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණ අයෙක්.

මේ අතර තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියේය.

ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 439 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.