නීති විද්‍යාලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමේ ලොකු අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය සමඟ වියදම් වැඩිවීම නිසා සිසුන්ගෙන් අමතර ගාස්තු අය කිරීමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුහල්පතිවරයා මෙසේ පැවසුවේ සිසුන්ට බර පැටවෙන ආකාරයෙන් නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීමේ පදනම කුමක් දැයි කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා
රැස්විය.
නීති විද්‍යාලයේ සිසුන් මත බර නොපටවා වෘත්තියේ නියැලෙන නීතීඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක්ද මෙහිදී සලකා බලන ලදී. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කාරක සභා සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
ප්‍රකාශ කළේය.
මේ අතර නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳවද එහිදී අවධානය යොමුවිය.
මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නීතිවේදී උපාධිය ලබාගත් හෝ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට එමගින් විශාල අසාධාරණයක් සිදුවන බව කමිටුවේ අදහසවිය.