මාළිගාවත්ත මුදල් බෙදාදිමේ සිද්ධියේ අත්අඩංගුවටගත් පිරිස නිරෝධායනයට

0
7

මාළිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ පිහිටි ගොඩනැගිල්ලක සිදුව වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (21) දහවල් එම ප්‍රදේශයේ පදිංචිකරවන් වෙත මුදල් බෙදාදිමේ වැඩසටහනක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුලු පිරිසක් විසින් සංවිධානය කර තිබුණි.

මුදල් ලබාදෙන අවස්ථාවේ සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර තවත් නව දෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණි.

එහිදි එම මුදල් බෙදා දීම සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඒ අනුව ඔවුන් ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇති බව පොලිසිය සදහන් කළේය.

කෙසේවෙතත් මෙරට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් රෝගතත්වය හේතුවෙන් මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරිමට නියමිත බවද මාළිගාවත්ත පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේය.