නව හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ විශ්‍රාමික යුධ හමුදා කෝප්රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හසලක මහඅස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙනවා.
අපයෝජනයට ලක් වූ නව හැවිරිදි දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහාරෝහල් ගත කර ඇති අතරමෙම සම්බන්ධව ඉදිරි විමර්ශන හසලක පොලීසිය විසින් සිදුකරන බව අප වාර්තාකරු පවසනවා.