කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ.
රජය විසින් බඩඉරිඟු කිලෝවක් සඳහා පැවති ආනයන බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා පහත දැමීමේ වාසිය මේ හරහා පාරිභෝගිකයාට ලබාදීම තම අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.