කුඩා දැරියක් වතුර ටැංකියට වැටී ජීවිතක්ෂයට පත් වූ පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.
ඒ නෙළුක්කුළම් භාරතීයම් ප්රදේශයෙන්.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අවුරුදු එකයි මාස 11ක් වයසැති දැරියක් බවයි වාර්තා වෙන්නේ.
ඇය තවත් කුඩා දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේදී දැරියගේ සීයා විසින් ඇය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇතුළත් කිරීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.
මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන් වෙත භාර දී ඇති අතර නෙළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා,