තෝරාගත් ගැබිණි මව්වරුන්ට පමණක් මේ වනවිට පෝෂණ මල්ල ලබාදෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
ඇය මේ බව පවසා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ අතර පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනයම ජාත්‍යන්තර මට්ටමකට ප්‍රමිතිගත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.