බණ්ඩාරවෙළ නගරයේ තන්තිරිය ප්රදේශයේ අවන්හලක කාමරයක් තුළ ඇදක් මත ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ සවස සොයාගත් බව පොලිසිය කියයි,
ඇටම්පිටිය ප්රදේශයේ පදිංචි ජී.ඩී සංජීවනී තුෂාරිකාද සිල්වා (40) හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් සිටියදි පොලිසිය සොයාගෙන තිබේ,
23 දින සවස කැළණිය ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු හොටෙල් කාමරය කුළියට ගෙන නැවතුන බවත් 24 දින උදෑසන හාලිඇළ ඇටම්පිටිය ප්රදේශයේ 40 හැවිරිදි කාන්තාවක පැමිණ එම කාමරයට ගිය බවත් හොටලයේ සේවකයන් පොලිසියට පවසා තිබේ,
හොටෙල් කාමරයේ සිටි දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 24 දින සවස 4.30ට පමණ සැක සිතෙන අයුරින් එළියට දිව යනු දුටු සේවකයන් කාමරය දෙස බලද්දී වස ගද වහනය වන ඇද මත ලේ තැවරුණ රෙදි පොරොනයකින් කාන්තාවක වසා තිබෙන අයුරු දැක තිබේ,
පොලිසිය සිදු කළ පරීක්ෂණවලදි කාන්තාවගේ ගෙල ප්රදේශයේ කැපුම් තුවාල සහිතව ඇද මත මියගොස් තිබෙන බවත් පවසන පොලිසිය එම ඇද යට තිබී තියුණු පිහියක්ද සොයාගෙන තිබේ,
සැකකරු විසින් ලියන ලද බවට සැක කරන ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන තිබේන අතර සැකකරු වස පානය කර දිව යන්නට ඇති බවට පොලිසිය සැක කරයි,