දේශීය බිත්තරයක මිල රුපියල් 30 – 35 ට පාරිභෝගිකයන්ට හිඟයක් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
දේශීය බිත්තර රුපියල් 60 – 65 ට අලෙවි කරමින් බිත්තර නිෂ්පාදකයන. අසීමිත ලාභ ලැබූ බවත් රජය බිත්තර ආනයනය කිරීමෙන් පසු බිත්තරයක මිල රුපියල් 40 – 45 දක්වා අඩු කිරීමට ඔවුන්ට සිදු වූ බව රාජ්ය වාණිජ විවිධ. නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි. වලිසුන්දර මහතා පැවසීය.
දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රටපුරා ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති බවත් ඒ මහතා කීය.
මේ අතර ලබන දෙසැම්බර් මාසය වනවිට රටේ දේශීය බිත්තරවලින් ස්වයංපෝෂිත වන බවත් එවිට දේශීය බිත්තරයක මිල රුපියල් 30 – 35 ට අඩු වන බවද සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කීය.