විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසන් වන විට ගෙවා නිම කරනු ඇතැයි බංගලාදේශය බලාපොරොත්තු වන බවත් තවත් කොටසක් මෙම මාසය අවසානයේ ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා ඇත.